අපේ යාලුවන්ගෙ බයික් වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවද???
- ඉන්ධන පිරිමැස්ම අඩුවීම.
- ඉහළ rpm (මිනිත්තුවට වට) අගයයන් වලට engine එක රේස් කරන විට කළු දුම දැමීම.
- උදේට start කිරීම අපහසු වීම.
- pickup කරන කොට engine එක මිස් කරන ගතියක් තිබීම.
- pickup එක අඩු වීම.
- දුම් පරීක්ෂණය ෆේල් වීම.
- Engine එක overheat වීම.
බොහෝවිට carburetor එක tune කිරීමෙන් මේ වගේ ගැටළු විසඳා ගන්න පුළුවන්.

මුලින්ම මේ දේත් කියන්න ඕනේ. ඔය මුලින් කියපු එකම අවුලක්වත් බයික් එකේ නැත්තම් මේ වැඩේ අත්හදා බලන්න යන්න එපා.


carburetor එකකින් කරන්නෙ සිලින්ඩරය තුල දහනයට ඉන්ධන-වායු මිශ්‍රණයක් හදන එකයි. ඒ කියන්නෙ carburetor එක ඇතුලෙදි වෙන්නෙ ඉන්ධන වාතය සමඟ මිශ්‍ර කරන එක. ඒ නිසා කස්ටියට තේරෙනවා ඇති එන්ජිමේ නිවැරදි ක්‍රියාකාරිත්වය සඳහා carburetor එකේ නිවැරදි ක්‍රියාකාරිත්වය කොච්චර වැදගත් ද කියලා.

carburetor tune කරන්න කලින් carburetor එකේ settings වෙනස් කරන screws අදුර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් single cylinder motorcycle වල එන carburetor එකක settings වෙනස් කරන්න පුලුවන් screws එන්නෙ දෙකයි. එකක් තමයි idle adjust screw එක, අනෙක තමයි mixture screw එක. idle adjust screw එකෙන් කරන්නෙ එන්ජිම නෝමල් රන් වෙන වේගය (accelerator එක අත ඇරලා තියෙනකොට එන්ජිම රන් වෙන වේගය) වෙනස් කරන එක. තමන්ට අවශ්‍ය ගානට ඒක තියාගන්න පුළුවන්.


මේ ඇණ දෙකම සාමාන්‍යයෙන් රන් පාටයි. carburetor එකට පිටින් සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගලවලා අතට ගන්නත් පුළුවන්(ගලවන්න යන්න එපා). screw දෙක carburetor එකෙන් එකම පැත්තේ හෝ දෙපැත්තේ උනත් තියෙන්න පුළුවන්. පහත රූපයේ තියෙන carburetor එකේ screws දෙක තියෙන්නෙ දෙපැත්තෙ,

සමහර carburetor වල idle screw එක, අතින් ලේසියෙන්ම කරකවන්න පුළුවන් විදිහට එන්නේ. හැබැයි සමහර ඒවට නම් flat screw driver එකක් ඕනේ වෙනවා.

ඒ වගේම බොහෝ carburetor වල mixture screw එක carburetor එකට හයි වෙලා තියෙන්නෙ ඇදේට(උඩ රූප බලන්න). ඒ වගේම mixture screw එක පිහිටලා තියෙන්නෙ carburetor එකේ කෙලවරකට වෙන්න(මැද නෙමේ). සමාන්‍යයෙන් idle screw එක තියෙන්නෙ accelerator cable එක හයි වෙලා තියෙන තැනත් එක්ක සිරස්ව පහළින්. ඒත් සමහර carburetor වල idle screw එක කෙලින්ම carburetor එකට සම්බන්ද නොවී පල්ලෙහා රූපෙ විදිහටත් හයි වෙලා තියෙන්න පුළුවන්.

මේ විස්තර අනුව මේ screw දෙක හොයාගන්න පුලුවන් වේවි කියල හිතනවා.

mixture screw වර්ග දෙකක් තියෙනවා, air screw සහ fuel screw කියලා. carburetor එකේ තියෙන්නෙ air screw එකක්ද fuel screw එකක්ද කියල හරියටම දැනගන්න වෙනවා(බොහෝ වෙලාවට air screw එන්නෙ 2 stroke engine වල carburetor වල) . ඒක ලේසියි

දැන් මේ air screw සහ fuel screw දෙකේ වෙනස පැහැදිලි කරගන්න කලින් lean mixture සහ rich mixture කියන දෙක ගැනත් දැනගමු. carburetor එක හරහා engine එක තුලට ඇතුළු වන ඉන්ධන-වායු මිශ්‍රනයේ ඉන්ධන ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිනම්, ඒ කියන්න petrol ගොඩක් මිශ්‍ර වෙලා තියෙනව නම් ඒක rich mixture එකක්. ඒකෙම අනික් පැත්ත එනම් petrol ප්‍රතිශතය අඩු නම් ඒක lean mixture එකක්.දැන් air screw සහ fuel screw දෙකේ වෙනස ගැන බලමු. මුලින් කිව්ව වගේ මේ screw දෙකෙන්ම කරන්නේ ඉන්ධන-වායු අනුපාතය වෙනස් කරන එක. fuel screw එකක් දක්ෂිණාවර්තව(clockwise) කරකැවීමෙන් mixture එක lean වෙනවා. වාමාවර්තව කරකැවීමෙන් mixture එක rich වෙනවා.(ආයේ ඕක කියන්න දෙයක්ද නෙහ්




මුලින්ම carburetor එකේ දැනට තියෙන settings ලියාගන්න ඕනේ. ඒක පසුවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. flat screw driver එක අරන් mixture screw එක clockwise කරකවන්න(engine එක නවත්තල තියෙන්න ඕනේ). කරකවන වට ගාන හරියටම ගනන් කරන්න. අවසානයේදී screw එක තද වෙනකොටම කරකවන එක නවත්තන්න(ගොඩක් හිර වෙනකන් කරවන්න එපා


carburetor tune කරන්න කලින් engine එක ක්‍රියාකාරී උෂ්ණත්වයට රත් වෙලා තියෙන්න ඕනේ. ඒකට විනාඩි 15 ක් විතර කොහෙ හරි වටයක් ගහලා එන්නයි තියෙන්නේ


දැන් එන්ජිම අමාරුවෙන් අමාරුවෙන් දුවනවා වගේ පෙනේවි.

( fuel screw එක තද වෙනකන් කරකවලා, එතැන් සිට වාමාවර්තව(anticlockwise) සම්පූර්ණ වට 2ක් 3ක් කරකවද්දි තමයි සාමාන්‍යයෙන් optimal mixture එකට tune වෙන්නේ, carb එකෙන් carb එකට ඒක වෙනස් වෙනවා, සමහර විට ඊට වඩා අඩු වට ගානකදි tune වෙන්නත් පුළුවන්, මං මේක කිව්වෙ වැඩේ ලේසි වෙන්න

දැන් එන්ජිම එකම ආකාරයකට දුවනවා වගේ දැනේවි. ඒ කියන්නෙ හරියටම tune වෙලා තියෙන්නේ. ඊළඟට idle screw එක anticlockwise කරකවලා සාමාන්‍යයෙන් එන්ජිම run වෙන වේගෙට හදාගන්න. fuel screw එකට අතවත් තියන්න එපා.

වැඩේ අහවරයි.


අහ් තව එක දෙයක් කියන්න ඕනේ, petrol වැඩකරන්න කියල mixture එක lean කරල දුවන්න නම් එපා මචන්ලා



------------------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය ගැන ඔබගේ අදහස් ගොඩක් වටිනවා........
